මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ සුළු පක්ෂ සාකච්ඡාව අද රාත්‍රි‘යේ නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ නිවසේ පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙන්ම නියෝජනය නොකරන සුළු පක්ෂ නායකයන් සහභාගි වන බවත්, ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්ද සහභාගී වීමට නියමිත බවත් වාර්තාවේ.
මේ පිළිබඳව ‘’අද’අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගෙන්කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ සාකච්ඡාව රාත්‍රී 7.00 ට පමණ ආරම්භ කරන බවත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය සුළු පක්ෂ සඳහා කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන බවත්ය.
කෙසේ වෙතත් සුළු පක්ෂ ලෙස මේ පිළිබඳ එකඟතාවකට පැමිණීමට තමන් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.