පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බලකරමින් මාර්තු 19 වැනිදා සිට මහජන පෙත්සමකට අත්සන් ලක්ෂ 53ක් ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද(22දා) පැවසීය.
ඉතිහාසයේ විශාලතම මහජන පෙත්සම මෙය බවත්, කොට්ඨාස 4976 පුරා ගොස් අතසන් එකතු කිරීම සිදුකරන බවත් කී අලහප්පෙරුම මහතා ඔන්ලයින් ක්‍රමය යටතේ අත්සන් ලබාදීමේ පහසුකම් සලසන බවද කියා සිටියේය.
ලබන මාර්තු 19 වැනිදාට පළාත් පාලන මැතිවරණයක් පවත්වා වසර හයක කාලයක් ගතවන බවත්, වත්මන් ආණ්ඩුව යටතේ මැතිවරණයක් නොපැවැත්වීමෙන් පළාත් පාලන අයතනවල ධුරකාලයෙන් හරි අඩක් ගෙවී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.