මැතිවරණයේ වැඩි වාසි ගන්නට විශේෂ ජනපති සැලසුමක් - කෙහෙලිය
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ අවසන් සතියේදී ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (16දා) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුගේ හෝ හයදෙනෙකුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවට ප්‍රකාශ කරමින් මැතිවරණයේ වාසිය ලබාගැනීමට ජනාධිපතිවරයාගේ සැලැස්මක් තිබෙන බවත්, මේ සම්බන්ධව ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන් තොරතුරු ලැබුණු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා එවැනි පියවරක් අනුගමනය කළහොත් නීති මගින් ඊට මුහුණදීම සඳහා නීතිඥයන්ට උපදෙස් ලබාදුන් බවත්, එම අවස්ථාවේදී අධිකරණය ස්වාධීනව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම පවසා සිටියේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


