මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයදී කිසිම කෙනෙකුට 51% ගන්නට නොහැකි බව තමාගේ විශ්වාසය බව සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන, කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතා ඊයේ (17) දා පාතහේවාහැටදී පැවැසීය.
අවශ්‍යනම් ප්‍රාදේශීය සභාව පොහොට්ටුව එක්ක හෝ යූ.ඇන්.පීය එක්කත් හදන්නට හැකි බවත් එහි තීන්දුව ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
“අපේ රජය කොහොමත් තව අවුරුදු 3 ක් ඉන්නව ජනාධිපතිතුමත් අවුරුදු 3 ක් ඉන්නවා, මම හිතන්නෙ නෑ ඊළග රවුම යන්න අපට ගැටලුවක් තියෙනව කියල මේ ප්‍රාදේශීය සභාව. කෙසේ වෙතත් ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභාවක්ම අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව මත පිහිටුවනවා”