ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් ආණ්ඩුව සමග එක්ව වැඩ කිරීම ඉදිරි මැතිවරණයෙන් පසු සියලුම පාර්ශ්ව එක්ව වැඩ කටයුතු කිරීම සඳහා පෙරහුරුවක් බවත්, මැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත්කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඊයේ (25දා) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට සහභාගීවෙමින් මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පල්වුණු දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය අවසන් කර අලුත් දේශපාලන ක්‍රමයක් සහ සංස්කෘතියක් රට තුළ ඇතිකරන බවයි.
සියලු දෙනාම මෙසේ එකට වැඩ කටයුතු කරන්නේ 1951 වසරින් පසුව බවත්, මේ තත්ත්වය තවමත් පවතින්නේ ආරම්භයක් වශයෙන් බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 23 වැනිදා වනවිට එකට එක්ව වැඩ කරමින් ජනතාවට ලබාදීමට නියමිත සියලුම සහන ලබා දී අවසන් කරන බවද සඳහන් කළේය.
ඇතැම් දේශපාලන පක්ෂ ආණ්ඩුවේ ඇමතිකම් ලබානොගත්තද ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ඇති කරන කාරක සභා විස්සෙහි සභාපති ධුර භාරගෙන කටයුතු කරන ලෙසට එම පක්ෂවලට ආරාධනා කරන බවද වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වී සිටිනවා සේම, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සියලු දෙනා එක හා සමානව සැලකීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.