පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටබුන් බටව පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්ත මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්වූ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවෙන් වෙන්ව කටයුතු කළ බවද ඔහු පවසා සිටියේය.
එම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරමින් සිටි බවත්, යම් පිරිසක් පොහොට්ටුව මූලික කරගනිමින් පක්ෂයක් නිර්මාණය කරගත් බවද පවසා සිටියේය.
ඊයේ (02දා) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශක්තිය අඩුවී යන බවයි.
ශක්තිය අඩුවී ගියහොත් 2001 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සිදුකළ දේවල් එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකළ හැකි බවද වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරමින් සිටියද තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහජන නියෝජිතයෙකු බවට පත්වූ බවත්, මේනිසා හරිතැනදී හරි තීරණය ගැනීමට සිදුවූ බවත් හෙතෙම පවසා සිටියේය.