මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට අනුව සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට හා අවශ්‍ය පිරිස් බලය යෙදවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙන බව නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේය.
මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට නාමයෝජනා භාරදීමේ අවස්ථාවට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ පොලිස් පරිපාලනය සම්බන්ධයෙන් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
රට සංවර්ධනය සඳහා යන ගමනේ මූලික පදනම වන්නේ එකමුතුකම බවත්, එකමුතුකම ශක්තිමත් කරන මැතිවරණයක් බවට මෙම මැතිවරණය පත්කර ගතත යුතු බවද සඳහන් කළේය.
මැතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආගම්වාදී හා ජාතිවාදී හැඟීම් ඇතිවන ආකාරයට ප්‍රචාරයක් දියත්වෙමින් තිබෙන බවට වාර්තාවන බවත්, මේ ආකාරයට කටයුතු කරන අයට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද සාගල රත්නායක මහතා අවධාරණය කළේය.