මැතිවරණයට දෙස් විදෙස් නියෝජිතයන් අවශ්‍යයි
ඉදිරි මැතිවරණය සඳහා දේශීය මෙන්ම විදේශීය ඡන්ද නිරීක්ෂකයන් සිටීම වැදගත් බව එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාට පවසා තිබේ.
මේ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ හා යුරෝපීය සංගමයේ නිරීක්ෂකයන් යොදාගන්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටියි. නාමයෝජනා කැඳවූ දා සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී අවසන් වනතුරුම මෙම නිරීක්ෂකයන් රැඳී සිටිය යුතු බවත්, නීතිඥ සංගමයේ නිලධාරීන්ටද මැතිවරණ නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ලබාදිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් හා මැතිවරණ කොමසාරිස්වරයා අතර අද (23දා) පැවැති සාකච්ඡාවේදී කරු ජයසූරිය මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.
රජය විසින් ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු දැනටමත් ආරම්භ කර අවසන් බවත්, ඒ සඳහා ඉහළ මට්ටමේ රාජ්‍ය සේවකයාගේ සිට කනිෂ්ඨ සේවකයා දක්වා මුළු රාජ්‍ය තාන්ත්රයම යොදාගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

