ජනමත විචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාල සීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය යහපත් වාතාවරණය පවත්වා ගැනීම පිණිස එවැනි කාලසීමාවක් තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන්, සමාජ වෙබ් අඩවි හිමිකරුවන් හා පරිපාලකයන් විසින් අනුගමනය කළ යුතු මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබයි.
මැතිවරණවලට අදාළ මාධ්‍ය වාර්තා පළ කිරීම, යම් දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට අසාධාරණයක් සිදුනොවන පරිදි හා විශේෂ වාසියක් ඇති නොවන පරිදි ගුවන් කාලය වෙන් කිරීම, ප්‍රචාරණය කරනු ලබන යම් කරුණක් මගින් අගතියට පත් පාර්ශ්වයට හා එම මතයට විරුද්ධව ඉදිරිපත් කෙරෙන කරුණු දැක්වීම් සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් ලබාදීම, මාධ්‍ය ආචාරධර්මවලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු මෙම මාධ්‍ය උපමාන දක්වමින් අංක 2048/1 දරන 2017-12-04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇත.
එම අතිවිශේෂ ගැසට් නිවේදය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.