මාස 6 කින් උතුරින් හමුදාව ඉවත් විය යුතුයිලු
උතුරු පළාතේ ආරක්ෂාවට යැයි යොදවා සිටින යුද හමුදාව ඉදිරි මාස 6 ක කාලයක් තුළදී ඉවත් විය යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
යාපනය මාධ්‍ය සමාජ ගොඩනැගිල්ලේදී ඊෙය් (22දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
‘‘උතුරු පළාතේ අක්කර 4000 ක භූමියක් යුද හමුදාව බලෙන් තියාගෙන ඉන්නේ. යුද හමුදාවට ඉන්න අක්කර 600ක් 700ක් හොඳටම ඇති. මේ ප්‍රදේශවලට ඇයි මෙච්චර හමුදාවක්. ඒ වැඩි පිරිස මාස 6ක් ඇතුළත වහාම උතුරු පළාතෙන් යන්න ඕන කියලයි මම හිතන්නේ.
ඒ වගේම තමයි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට ආපූ සාමාන්‍ය වැසියන්ට යුද හමුදාවෙන් බුද්ධි අංශ අය කරදර කරල තියනවා. ඒ අය බය කරල තියනවා. ඒ සම්බන්ධයෙන් අපි විදෙස් රටවලට දැනුම්දීලා පැමිණිලි කරන්න කටයුතු කරනවා." යැයිද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

