මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාස 04 කට ආසන්න කාලය තුළ ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණි වන්දනාකරුවන් විසින් නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නියේ සිට ඉදිකටුපාන දක්වා දෙපස ශ්‍රීපාද රක්ෂිතයට හා පරිසරයට දිරා නොයන හිස් ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් මුදා හැර ඇති බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ, නල්ලතන්නිය කසළ ප්රතිචක්රීයකරණ මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී ඒ.ඩබ්.හේමන්ත මහතා පැවසීය.
ලෝක උරුමයක් ලෙස නම්කර ඇති අතිශය වැදගත් ජල පෝෂක මෙන්ම හරිත වනාන්තරයක් වන ශ්‍රීපාද රක්ෂිතයට දිරා නොයන ඝණ අපද්‍රව්‍ය රැගෙන ඒම සපුරා තහනම් කර තිබියදී හා රක්ෂිතයට එම ඝණ අපද්‍රව්‍ය මුදා හැරීමෙන් වැළකී ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කරන ලෙස වන්දනා සමය ආරම්භයේදීම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් වන්දනාකරුවන්ව දැනුම්වත් කර තිබියදී එම උපදෙස් පිළිනොපැද ඉතා අකාරුණික ලෙස ප්ලාස්ටික් පානීය ජල හා පැණිබීම හිස් බෝතල් මෙසේ බැහැර කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නියේ සිට ඉදිකටුපාන දක්වා වනජීවී දෙපාර්තමේන්තුව හා අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් එකතුකරන ලද හිස් ප්ලාස්ටික් බෝතල් ලක්ෂ ගණනක් මේ වන විට නල්ලතන්නිය නගරයේ පිහිටි අඹගමුව ප්‍රාදේශීය සභාවට අයත් කසළ ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානය වෙත ගෙනවිත් ගබඩා කර තිබේ.
මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක