UPDATE මාවනැල්ල පස් කන්දක් කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයන් ගණන 2ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාවනැල්ල පොලීසිය පවසයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ රුකුලගම, දෙවනගල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. පී. තිලක් රූපසිංහ නැමැති 46වියේ පසුවන පුද්ගලයෙක් සහ වහරක්ගොඩ, උස්සාපිටියේ පදිංච් එම්.කේ. ජයසිරි නම් 44වන වියේ පසුවන පුද්ගලයෙකු බව මාවනැල්ල පොලිසිය සඳහන් කරයි.
බැකෝ යන්ත්‍ර දෙකක් යොදා ගෙන මෙම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදි කිරිමට පස් කපා අති අතර මෙම පුද්ගලන්ද එහි සේවයේ යෙදි ඇත.
මෙම පස් කපන ස්ථානයේ ඒක පසකින් ප්‍රධාන මාර්ගයේ සිට වැටි අති අතුරු මාර්ගය වන අතර මෙ පස් කපන ලද ස්ථානය එම මාර්ගයේ පහල කොටසින් පිහිටා ඇත අතර සාමාන්‍යයෙන් බූවැලි යනුවෙන් හදුනවන සවි ශක්තියෙන් අඩු පස් මෙහි තිබිම නිසා බැකෝ යොදාගනිමින් පස් කැපීම සිදුකරන අතරතුර අඩි 15 කින් පමණ උස පස් කන්ද හිටි හැටියේ ඇද වැටෙන්න ඇති බවට සැක කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිදුවීම සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි
මාවනැල්ල පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර කන්දට යටවූ අනෙක් පුද්ගලයන් දෙදෙනා මේ වනවිට රෝහල්ගත කර ඇත.
මාවනැල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක් සිදුකරන ස්ථානයකට අද (23දා) පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු අනතුරට ලක්ව ඇත.
ඒ අනුව මෙම පස්කන්දට යටවූ පිරිස බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
සමන් විජේබණ්ඩාර
