මාලි රාජ්‍යයත් ඉබෝලාවට ගොදුරු වෙයි
මාලි රාජ්‍ය තුළ ප්‍රථම ඉබෝලා මරණය ලෙස වයස අවුරුදු දෙකක කුඩා දැරියක් ජිවිතක්ෂයට පත්වූ බව එරට බලධාරීන් ප්‍රකාශයට පත්කිරීමත් සමග ඉබෝලා වසංගතයට ගොදුරු වූ තවත් බටහිර අප්‍රිකානු රටක් බවට මාලි රාජ්‍යයද පත්ව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙම දැරිය වෛරසය පිළිබඳ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් ගිනියාවේ සිට බස් රථයකින් පැමිණ කිලෝ මිටර් සිය ගණනක් දුර මාලි රාජ්‍ය තුළද ගමන් කර ඇති බවයි.
ඒ අනුව මෙම ගමනාන්තය දක්වා ඇය ආසන්නයට පැමිණි පුද්ගලයන් 40ක් පමණ මේ වනවිටත් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
පසුගිය බදාදා දිනයේ රෝහල් ගතකිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වන තුරුම ඇය මාලි හි බටහිරදිග නගරයක් වූ කේයිස් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇත.
එහිදී, දැරිය කිලෝමීටර් 1,000ක පමණ දුරක් ගිනියාවේ සිට මාලි දක්වා පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

