සිය ක්‍රිකට් දිවියේ තීරණාත්මක කඩඉමක් පසුකරමින් සිටින ලසිත් මාලිංග අන්තර්සමාජ විස්සයි20 තරගාවලියේදී එන්.සීතසී. කණ්ඩායම නියෝජනය කරමින් සහභාගිවූ තරග දෙකකදී කඩුලු පහක් දවා ගැනීමට සමත්ව තිබේ.
පසුගිය කාලයේදී ජාත්‍යන්තර පිටියේදී දැක්වූ අදක්ෂ පන්දු යැවීම හේතුවෙන් මාලිංගට මේ වන කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇති අතර ඔහු දේශීය ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා අතරට පිවිස නැවතත් කණ්ඩායමට පැමිණීමට අපේක්ෂා කරයි.
කෙසේ වෙතත් මෙම තරග දෙකේදීම ඔහුගේ පන්දුවාර 4ට ලකුණු 30 හෝ ඊට වැඩියෙන් රැස්කිරීමට ප්‍රතිවාදි කණ්ඩායම් සමත්වී තිබේ.
කලුතර ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දුවාර 4ට ලකුණු 30ට කඩුලු 2ක් දවා ගන්නා මාලිංග පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දුවාර 4කදී ලකුණු 31ට කඩුලු 3ක් දවා ගැනීමට සමත්ව තිබේ.