ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ “සාර්ථකත්වයේ සෙවනැල්ල” වැඩසටහනේ ප්‍රධාන දේශකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පසුගියදා සහභාගීවිණි.
එම විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ පැවැති මෙම වැඩමුළුවේ දී ලසිත් මාලිංග, සිය වෘත්තීය ජීවිතය හැඩ ගසා ගන්නේ කෙසේද, බාධක හමුවේ ඉදිරියට යන්නේ කෙසේද සහ පීඩනය හමුවේ සාර්ථකත්වය ළඟා කරගන්නේ කෙසේ ද යන්න සිය අත්දැකීම් ඇසුරින් ජ’පුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයින් දැනුවත් කිරීමට කටයුතු කළේය.