මාලදිවයින් ජනපති අබ්දුල්ලා යාමීන් අබ්දුල් ගයුම් ගමන් ගත් බෝට්ටුවක සිදු වූ බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් සෙවීම සඳහා කරනු ලබන පරීක්ෂණවලට සහාය දැක්වීමට ශ්රී ලංකාවද එක්ව සිටියි.
ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය, සවුදි අරාබිය හා ඉන්දියාව යන රටවල පරීක්ෂා කණ්ඩායම්ද මේ වන විට ඒ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා මාලදිවයින වෙත ළගා වී තිබේ.
හජ් වන්දනාවේ යෙදී නැවතත් මාල දිවයින වෙත බෝට්ටුවකින් පැමිණෙමින් සිටියදී බෝම්බ ප්රහාරය එල්ල වූ අතර ජනපති ආර්යාව එහිදී තුවාල ලැබීය. ජනපතිවරයාට අනතුරක් නොවීය.