තමන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (09දා) සිට හම්බන්තොට මාගම්පුර වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළ මාගම්පුර වාරයේ සේවයේ යෙදී සිටියදී ඉන් ඉවත් කෙරුණු සේවක පිරිසට අයත් එකළොස් දෙනාගෙන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වීම නිසා ද (10දා) සවස හම්බන්තොට හම්බන්තොට මහා රෝහලට ඇතුළත් කරන ලදී .
එසේ වුවද මෙම මාරාන්තික උපවාසය තවදුරටත් පැවැත්වෙන අතර අද (10) සවස උපවාසය පැවති ස්ථානයට පැමිණි ප්‍රදේශයේ මහා සංඝරත්නය උපවාසකරුවන්ට සිය ආශිර්වාදය ලබා දුන්හ.