රථවාහන තදබදය හා මාර්ග ආරක්ෂාව අද වනවිට විශාල අභියෝගයක් බවට පත් වී තිබෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
ඊයේ (01දා) උදේ අවසන් වූ පැය 24 තුළ සිදු වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා පොලිස් රථවාහන අංශය තව තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව පොලිස් මූලස්ථානයේ නව වසරට වැඩ ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඒ මහතා අද(02දා) සඳහන් කළේය.