දෛනිකව සිදුවන මාර්ග අනතුරු ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බැවින් මාර්ග අනතුරු අවම කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.
මේ යටතේ මගීන්, රියදුරන් සහ පදිකයන් දැනුවත් කෙරෙන අතර, ඒ සඳහා ක්‍රියාත්මක වන ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට පවසා තිබේ. මෙම සාකච්ඡාව ඊයේ (15දා) ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්විණි.