මාරවිල දෙමටපිටිය හංදියේ පිහිටි විදුලි උපකරණ අලෙවිකළ මහල් 05කින් යුත් ගොඩනැගිල්ලක අද (18දා) උදෑසන හදිසි ගින්නක් හටගෙන තිබූ බවත්, හලාවත හා මීගමුව නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න මැඬ පවත්වා බවත් මාරවිල පොලීසිය පවසයි.
හදිසි ගින්නක් බවට පොලීසියට දැනුම්දීමෙන් පසු හලාවත හා මීගමුව නගර සභා ගිනි නිවන ඒකකය දැනුම්දී ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කෙරිණි.
සිදුවීමෙන් ජීවිත හානි කිසිවත් සිදුවී නොමැති බවත් ගින්නෙන් වූ දේපළ හානිය මෙතෙක් තක්සේරු කළ නොමැති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.