මන්ද මානසිකත්වයෙන් පෙළෙන රෝගියෙකුට ලිංගික අපයෝජනයක් සිදු කළා යැයි කියන චීවර ධාරියෙකු ඊයේ (29 දා) මැදිරිගිරිය පොලිසීය අත්අඩංගුවට ගෙන ඇත.
මින්නේරිය, මැදිරිගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගියෙකු මෙසේ ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි පොලිසීයේ ප්‍රකාශකයෙකු පැවසීය.
චීවරධාරියා ඊයේ හිගුරග්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙන අතර නැවත නඩුව එළැඹෙන 20දා විභාගයට ගැනීමට නියමිතය.