මෙ වන විට ජිනීවා නුවර පැවැත්වෙන 37 වැනි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාවේ ලිඛිත යාවත්කාලින කිරීම අනිද්දා (21දා) ඉදිරිපත් කිරීමට නියමිතය.
2015 වසරේ ඔක්තෝබර් මාසයේ පළමුවැනිදා ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව අනුව මෙම ඉදිරිපත් කිරීම සිදුකරයි.
ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය දූත පිරිසට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කටයුතු අමාත්‍ය සරත් අමුණුගම, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා යන මහත්වරු ඇතුළත් වෙයි.