මාධ්‍යයට එරෙහිව එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තමන් පොලීසියට උපදෙස් දී ඇති බව නීතිය සාමය හා දක්ෂණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය..
මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුව කොළඹ, තාජ් සමුද්‍රා හෝටලයේදී අද (04දා) ආරම්භවූ අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
“අපි ගොඩක් දුර ඇවිත් තිබෙනවා. සමහර අවස්ථා තිබෙනවා සාක්ෂි විනාශ කර ඇති. සමහර පරීක්ෂණ ආරම්භ කිරීමට සිදුවුණේ වසර කිහිපයකට පසුවයි. නමුත් පොලීසිය මෙහිදී වර්ධනයක් ලබාගෙන තිබෙනවා.”