මාතලේ විහාරයක අනුරාධපුර යුගයේ දාගැබක්
මාතලේ සෝනුත්තර රජමහා විහාරයෙන් අනුරාධපුර යුගයට අයත් දාගැබක් හමුව ඇත.පසුගිය වසරේ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සෝනුත්තර රජමහා විහාරයේ කැණීම් ආරම්භ කර තිබේ.
මේ කැණීම් වල ප්‍රතිඵලයක් ලෙස අනුරාධපුර යුගයට අයත් දාගැබක් ඇතුළුව පුරාවිද්‍යා සාධක ගණනාවක්ම හමුව තිබේ.කැණීම් හරහා චතුරස්රාකාර ප්‍රාකාර බැම්මක් තුළ පිහිටි සලපතළ මළුවක් මතු කරගෙන ඇති අතර, ඒ මත මීටර් 30-20ක වටප්‍රමාණයෙන් යුත් පළමු පේසාව සහිත දාගැබ් ගොඩනැඟිල්ල පිහිටා ඇති බව අනාවරණය වී තිබේ.
එමෙන්ම සලපතළමළුව තුළ බටහිර අන්තයේ පාෂාණමය මල් ආසනයක්, සිරිපතුල් ගලක්, මීටර් 1ක විශ්කම්භය සහිත ආකෘති දාගැබ් 02ක්, කැඩී ගිය සිරිපතුල් ගල් දෙකක් මෙන් ම නැගෙනහිර දිශානුගතව දාගැබ සඳහා වන ප්‍රවේශ මාර්ගයක් ද පාදා ගෙන තිබේ.
මීට අමතරව, වැලිමළුවක සාධක ද, ඉපැරණි ගඩොල් ඇතිරුම්වල ශේෂයන් ද සෝනුත්තර රජමහා විහාර පරිශ්‍රයෙන් හමුවී තිබේ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

