ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බීටා එනලයිටික්ස් පුරාවිද්‍යා කෞතුක රසායනාගාරය විසින් එවන ලද පරීක්ෂණ වාර්තාව අනුව මාතලේ සමූහ මිනීවළෙන් මතුවූ මානව අස්ථි 1950 වසරට පෙර ඒවා බව ප්‍රකාශ කළ මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු සම්පත් ගමගේ මහතා ඊළඟ නඩු දිනය ලබන දෙසැම්බර් මස 05 වැනි දිනට අද (18දා) කල් තැබීය.
මෙම වාර්තාව පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කොට කාලනිර්ණය පිළිබඳ නියෝගයක් දෙන බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මහේස්ත්‍රාත්වරයා එසේ ප්‍රකාශ කළේ, මාතලේ සමූහ මිනීවළෙන් මතුවූ මානව අස්ථි සම්බන්ධ නඩුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදීය.
මාතලේ ඇම්.ඩබ්ලිව්.සෝමරත්න