මාතලේ අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් තාවකාලිකව නතර කරන්නැයි ජනපති නියෝගයක් දුන් බව සඳහන් කරමින් පළ කළ පුවත් සාවද්‍ය බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල පවසයි.
අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් පසුගිය 02 වන දා මාතලේ අධිකරණ සංකීර්ණයේ ඉදි කිරිම් ආරම්භ කළේය.
අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම සම්බන්ධව මාතලේ විජය විද්‍යාලයේ ආදි ශිෂය සංගමයේ සුළු පිරිසක් විරෝධතාවයක් පළ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරිය ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දිවයිනේ මහාධිකරණයක් නොමැති එකම දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කය වෙයි.