මාතලේ දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දිය යුතු බවට වූ යෝජනාවක් අද (14දා) මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සභා සම්මත විය. සම්බන්ධීකරණ කමිටු සමසභාපති, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා යෝජනාව සිදු කිරීම විශේෂත්වයක් විය.
එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍ය ධුරයක් සේම නියෝජ්‍ය අමාත්‍ය ධුර තුනක් තිබූ බවත්ය. මීට අමතරව පළාත් සභාවේ තනතුරු රැසක් තිබුණත් මේ වනවිට දිස්ත්‍රික්කයට ලැබී ඇත්තේ එක රාජ්‍ය ඇමතිකමක් පමණක් බවත්ය. මෙම තත්ත්වය මත රාජ්‍ය ඇමතිවරයාද අපහසුතාවට පත්ව ඇති බවත් මෙවැනි සභාවකදී වැදගත් වනේනේ පක්ෂය නොවන බවයි. ඒ නිසා මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන කුමන මන්ත්‍රීවරයෙකුට හෝ කැබිනට් ඇමති ධුරයක් ලබා දෙන ලෙස ආණ්ඩුවට යෝජනා කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම යෝජනාව ස්ථිර කරමින් අදහස් දැක් වූ මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක මහතා ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දිය යුතු බවයි.
රත්තොට රුවන් ධනංජය / මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි