මාතර වල්ගම ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි මාතර පොලීසිය කියයි.
අද (27දා) රාත්රියේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝටලයක හිමිකරුවෙක් වන සමරදිවාකර මොහොට්ටිගේ රංග ඉඳුනිල් (40) නැමැති පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති අතර මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.