හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගමට පවරාදීමෙන් පසු එයට පැමිණෙන ප්‍රථම නෞකාව අද (18) සවස මාගම්පුර වරායට සේන්දුවීමට නියමිතව තිබේ.
පැනමා සිට පැමිණෙන pocitivi Pioneer නැමති මෙම නෞකාවෙන් ශ්‍රීලංකාවට වාහන හාරසියයක් පමණ රැගෙන එමින් ඇති බවට වාර්තා වේ. එහි මෙහෙයුම් කටයුතු කරනු ලබන්නේ කලම්බු ලොජෙස්ටික් ආයතනය මගිනි.
කෙසේ නමුත් මෙම මෙහෙයුම් කටයුතු සඳහා සේවකයන් නොසිටි හෙයින් පසුගිය දින කීපය තුළ ඒ සදහා අවශ්‍ය සේවකයින් 135 දෙනෙකු බඳවාගෙන ඔවුන් පුහුණු කර තිබේ. ඒ අනුව අද (18දා) සිට ඔවුහු මාගම්පුර වාරයේ මෙහෙයුම් සේවා කටයුතු සිදු කරති.
මේ අතර තම දරුවන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් වරාය සේවකයන්ගේ දෙමාපියන් විසින් පවත්වනු ලබන සත්‍යග්‍රහය 28 වන දිනටත් අද (18) පැවැත්වේ.