මාකෙළි ඇල්ලේ දියනෑමට ගිය කොළඹ කාසල් රෝහලේ වෛද්‍යවරයෙකුගේ මෘත ශරීරය අද (21දා) පෙරවරුවේ සොයාගත් බව මාකෙළිය පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ කාසල් රෝහලේ සේවය කළ 28 වන වියේ පසුවූ රමේෂ් දිසානායක නැමැති වෛද්‍යවරයෙකි.
මහනුවර, අරුප්පල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම වෛද්‍යවරයා අගලවත්ත ඩාර්ටන් ෆීල්ඩ් භාෂා පුහුණු ආයතනයේ දෙමළ භාෂා පුහුණුව ලබමින් සිටියදී නිවාඩු ලබා පිරිසක් සමග මාකෙළි ඇල්ලේ දිය නෑමට ඊයේ (20දා) පස්වරුවේ පැමිණ ඇති අතර, එහිදී දියේ ගිලී ඇති බව මාකෙළිය පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව නාවික හමුදාවේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමකින් පසුව අද දින(21දා) මෙම මෘත ශරීරය හමුවී තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් මාකෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
කුකුළේගඟ - සිරිනන්දසිරි