ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල කණ්ඩායම් නායකයෙකු වෙන දැනට විදේශ ගතව සැඟවී ඇති මාකඳුරේ මදූෂ් සමග සෘජු සබඳතා පැවැත්වූ පුද්ගලයෙක් ඇතුළු තවත් පුද්ගලයින් 07ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඊයේ (21ද) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායද සම්බන්ධ කර ගනිමින් මෙම මෙහෙයුම සිදුකර තිබේ. ඔවුන් සන්තකයේ තිබී අවි ආයුධ, කේරළ ගංජා හා හොරොයින්ද සොයාගෙන ඇත.