මහේල ජයවර්ධන තම එක්දින ක්රිකට් දිවියේ ලකුණු 12000 කඩයිම පසුකිරීමට දැන් සමත්විය. ශ්රී ලංකාව හා ඉන්දියාව අතර හයිද්රබාත්හිදි දැන් පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදි පන්දුවට පහරදෙමින් සිටින මහේල මේ වනවිට නොදැවී ලකුණු 116ක් රැස්කරගෙන සිටියි. එම කඩයිමට ළගාවූ ලොව පස්වැනි පිතිකරුවා මහේල වන අතර, තෙවැනි ශ්රී ලංකා පිතිකරුවාද වෙයි.