2015 පෙබරවාරි 27 වැනිදා පැවැත්වූ අලෙවි මෙහෙයුම් මණ්ඩල රැස්වීමට පැමිණි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්මත තැන්පතු අනුපාතය වන 05% ඉවත් කරන බවත්, වසර 30ක බැඳුම්කර නිකුතුවක් සිද්ධ කරන බවත්, මින් විදේශ ආයෝජකයන් ලංකාවට පැමිණෙනු ඇති බවත් පැවසී යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (04දා) පැවසීය.
සම්මත තැන්පතු අනුපාතය වන 05% ඉවත් කළ බව ලංසුකරුවෙකු දැනගතහොත් එය ඔහුට වාසි සහගත තත්ත්වයක් විය හැකි බවත්, මෙය වෙළෙඳ පොළ සංවේදී තොරතුරක් බවත් නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදු කෙරේ.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කොට ඇත.
කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂහිඩා බාරී මහත්මියගේ මෙහෙයවීම යටතේ බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේද පැවසීය.