අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පස්කඳු කඩාවැටී වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා ඇති වූ උඩදුම්බර හරහා මහියංගණ මහනුවර මාර්ගයේ පිළිසකර කටයුතු වේගවත්ව සිදුකෙරෙන අතර ඉදිරි දිනවල වැසි ඇති වුවහොත් එම මාර්ගයේ වාහන ගමනාගමනය අවදානම් විය හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම තත්ත්වය හමුවේ මහියංගණ මහනුවර මාර්ගය භාවිත කළ සියලු රියදුරන් රන්මිණිගල මාර්ගය හරහා රජමාවත භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
ෂේන් සෙනෙවිරත්න / එස්.පී. නානායක්කාර