මහියංගණ පූජානගරය, දොඩම්වත්ත ප්රදේශයේ නිවසකට අද (12දා) අලුයම 1.15 ට පමණ එල්ලවූ අත් බෝම්බ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු මහියංගණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් එක් අයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහියංගණ පූජානගරය දොඩම්වත්ත,19/20 ලිපිනයේ පදිංචි උදය ගාමිණී විජය රාජපක්ෂ (67) නමැති පුද්ගලයෙකි.සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ ගජදිය ආරච්චිගේ උදාරි ගජධිය (32) නැමැති කාන්තාවකි.
පවුල් ආරවුලක් සිද්ධියට හේතුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේවනතුරුත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, මහියංගණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
එන්.කේ. නිශ්ශංක මීගහකිවුල