නාමල් සහ මහින්ද නැති පක්ෂයක සාමාජිකත්වය ගන්නා ලෙස ජනතාවට පැවසීම ලෝකයේ තිබෙන ලොකුම විහිළුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
බණ්ඩාරනායක මහතා පක්ෂය නිර්මාණය කර,ප්‍රතිපත්ති සකස්කර එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂයට සාමාජිකයන් බඳවාගත් බව එම පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද(06දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ පොහොට්ටුව පුස්සක් බවත්,දැන් ඒකාබද්ධය දිය වී යාම ආරම්භ වී ඇති බවත් ඔහු කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් පොහොට්ටු පක්ෂය නිර්මාණය කළද තවත් එම පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට එම කණ්ඩායම කටයුතු කර නොමැති බවත්, එහෙත් ජනතාවට සාමාජිකත්වය ගන්නා ලෙසට ඔවුන් පවසන බවත් හෙතෙම සඳහන් කළේය.