හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
හිටපු ජනපතිවරයා අද (28දා) අලුයම් කාලයේදී හිටපු ජනපතිවරයා තිරුපති කෝවිලේ වෙන්කටෙස්වර දෙවියන් උදෙසා පූජා පැවැත්වීමට නියමිතව තිබුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27දා) තිරුමාලා වෙත ළගා වී තිබුණි. මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළුව ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන නායකයින් තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එකවෙයි.
හිටපු ජනපතිවරයා අවසන් වරට තිරුපති කෝවිලට ගොස් ඇත්තේ 2014 වසරේ දෙසැම්බර් 10 දාය.