හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27දා) අලුයම ඉන්දියාවේ බැංගලෝර් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.
ඔහු සමග දූත පිරිස 06 ක් එක් වී සිටි අතර, ලොහාන් රත්වත්තේ, ලේකම් උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුන් ද ඒ අතර සිටි බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.
අද අලුයම 4.46 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 173 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය අතර අද රාත්රී 10.30 ට පමණ ශ්රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 172 දරන ගුවන් යානයෙන් ආපසු පැමිණීමටද නියමිතය.