ලූනු හා අර්තාපල් වගා කරන ගොවීන් රැකගැනීම සදහා කරුණු සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.
අර්තාපල් හා ලූනු වගාවේ නිරත වී සිටින ගොවීන් රැකගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශයට තිබිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් වන කරුණු සියල්ල සලකා බලා ගොවීන් ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් සැකසීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් යුත් කණ්ඩායමක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
විශේෂයෙන් මාතලේ, යාපනය, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ලූනු වගාවත්, බණ්ඩාරවෙල නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක කිහිපයක අර්තාපල් වගාවත් ගොවීන් විසින් සිදු කරයි. නමුත් බොහෝ අවස්ථාවල ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දී ඊට සරිලන මිලක් නොලැබීම නිසා ගොවීන් කළකිරීමට පත්වේ.
එම නිසා මේ සම්බන්ධව විදිමත් වැඩ පිළිවෙළක් සැකසිය යුතු බව අවධාරණය කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය ලූනු හා අර්තාපල් වගා කරන ගොවියා ආරක්ෂා කිරීමට නම් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් කූට ලෙස ගොවියා ගසා කෑම වැළැක්වීමට පියවර ගත යුතු බව ද අවධාරණය කළේය.