මහින්ද අගමැති කරන්න අනුරපුරෙන් යෝජනාවක්
එළඹෙන මහ මැතිවරණයේ දී අගමැති අපේකෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රිලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදස් සන්ධාන මන්ත්‍රීවරු ඒකමතිකව තීරණය කර තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික් ශ්රීලනිපය ප්රමුඛ සන්ධාන බල මණ්ඩල රැස්වීම ඊයේ (28 දා) පස්වරුවේ කැඳවා තිබූ අතර මේ සදහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි. පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දුමින්ද දිසානායක මහතා හැර අනික් සියලු දෙනා සහභාගී වූහ.
රැස්වීමේ මුලසුන ශ්‍රීලනිප අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම් චන්ද්‍රසේන මහතා විසින් හෙබවීය.
“මහින්ද රාජපක්ෂ මැතිතුමා කුමන පක්සෙකින් කුමන ලකුණකින් ඉල්ලන්නේද මම ඇතුලු දිස්ත්‍රික්කයේ බල මණ්ඩලයේ සියලු මන්ත්‍රීවරුන්ද මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග මැතිවරණයට මුහුණ දීමට ඒකමතිකව සූදානම්” යැයි හිටපු මන්ත්‍රී චන්ද්‍රසේන මහතා පැවැසීය.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

