මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක කරන ලෙස ඉල්ලා ඊයේ (26දා) රත්නපුරයේ පැවැති රැලියට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 28 දෙනෙකු සහභාගී වූ බව සංවිධායකයෝ සඳහන් කරති.
මෙහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසුවේ, මීළඟට කුරුණෑගලදී පැවැත්වෙන රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්රීවරු 68 ක් පමණ එක්වීමට නියමිත බවයි.
ඒ අනුව සැබෑ ශ්රී ලං.නි.පය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වටා බව හෙතෙම අවධාරණය කළේය.
මේ රැලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ගාමිණී ලොකුගේ, කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක, බන්දුල ගුණවර්ධන, සාලින්ද දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්ත, රංජිත් සොයිසා, ජනක වක්කුඹුර, ශානි රෝහණ, ජනක බණ්ඩාර, කමලා රණතුංග, උදිත ලොකුබණ්ඩාර, මනූෂ නානායක්කාර, එස්.එම්. චන්ද්ර‘සේන, ෂෙහාන් සේමසිංහ, විදුර වික්රමනායක, එස්.සී. මුතුකුමාරණ, රෝහණ රණසිංහ, චමික බුද්ධදාස, වී.කේ. ඉන්දික, වයි.ජී. පත්මසිරි, ශ්රියානි විජේවික්රම, ගීතාංජන ගුණවර්ධන, වීරකුමාර දිසානායක, විමල් වීරවංශ, වසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, බස්නාහිර මහ ඇමති ප්රසන්න රණතුංග, උතුරු මැද හිටමු මහ ඇමති එස්.එම්. රංජිත් සහ පිවිතුරු හෙළ උරුමයේ ප්රධාන ලේකම් උදය පී. ගම්මන්පිල යන මහත්වරුද සහභාගී වූහ.
රත්නපුර - මලිති පෙරේරා