මහින්ද රාජපක්ෂ මහතාට බණ්ඩාරනායක භීතියක් පවතින බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
අද (08දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටි ඇය වැඩිදුරටත් සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා බණ්ඩාරනායක නම කියන විට පවා බනින බවත්, එවැනි භීතිකාවලට තමන්ට කිසිවක් සිදුකළ නොහැකි බවත්ය.