ඉතාම දරුණුගනයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිප දෙනෙකු නිදහස් කර ඇති අවස්ථාවක වසර 30ක යුද්ධයක් අවසන් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීම වත්මන් ජනපතිගේ මෙන්ම අගමැතිගේ වගකීම බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේම හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක භටයන් අඩු කිරීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක අමාත්‍යාංශය හෝ ජනපති ලේකම් කාර්යාලය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු නොකළබවත් එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේ රාජ්‍ය නොවන සංවිධානයකින් බවද එම නිවේදනයේ දැක්වෙයි.
එසේම හිටපු ජනපතිනියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇයව හමුවී ඇයට අවශ්‍ය ආරක්ෂක හා වෙනත් පහසුකම් අවශ්‍ය පරිදි ලබාදීමට ඇයගේ නිවසටම ගොස් කටයුතු කළ බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ඇයගේ ආරක්ෂක ප්‍රධානී කළ ඉල්ලීම් අනුව හිටපු ජනපතිනියගේ ආරක්ෂාවේ කිසිදු වෙනසක් සිදු නොකළ බවද මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසයි.
ජනතාව නොමග යැවීමේ අරමුණනින් විවිධ දේශපාලඥයන් විවිධ ප්‍රකාශ කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.