පසුගිය රජය ලබාගත් ණය ප්‍රමාණය සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථා 13කදී අභියෝග කළද, මේ දක්වා ඔහු ඉදිරිපත් නොවුණු බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (03දා) පැවසීය.
අනවශ්‍ය වියදම් සඳහා හිටපු ජනාධිපතිවරයා ණය නොගත්තේ නම් පෙට්‍රල් සහ කිරිපිටි තවත් රුපියල් 70කින් අඩුකිරීමට තිබුණු බවද ඒ මහතා කීවේය.පසුගිය රජය ලබාගත් ණයවලින් සිදුකළ ව්‍යාපෘතිවලින් 10%ක් පමණක් සාර්ථක ඒවා බව මුදල් ඇමතිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය රජය ලබාගත් ණයවලින් රුපියල් බිලියන 1100ක් ගිණුම්වල සටහන් නොමැති බවත්, රුපියල් මිලියන 9380ක් රාජපක්ෂ පෝෂණය සඳහා ලබාගෙන තිබෙන බවත්ය.
“අපි බලය ලබාගන්නකොට විවෘතව පේන්න තියෙන ණය ප්‍රමාණය බිලියන 7400යි. බිලියන 1100ක් මේකට එකතුවෙලා නෑ. 2015 වනවිට ගිවිසුම්වල ණය ප්‍රමාණය බිලියන 9380ක් වෙනවා. 90% ක් අපරාධ සඳහා ණය අරන් තියෙන්නේ. හැමදේම නරක දේවල් නොවන බව මම වගකීමෙන් කියනවා.
90%ක් නරකයි. මට අවශ්‍ය වෙන්නේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂගේ උත්තරයක් මිසක් හෙංචයියන්ගේ උත්තරයක් නෙවෙයි. මම 13 වතාවක් අභියෝගය ඉදිරිපත් කර තිබෙනවා. හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ ඇවිත් කියන්න කොහේද මේ වෙනස තියෙන්නේ කියලා. අද හන්දිගානේ, පන්සල්ගානේ ගිහින් වෙන කතා කියනවා" යනුවෙන් පවසා සිටියේය.