හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිමහ මැතිවරණයකදීශ්රීලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන එක්සත් පෙරමුණේ සන්ධාන අපේක්ෂකයා වියයුතු බවට අත්සන් දසලක්ෂයක් ලබාගැනීමේ නුවරඑළිය දිස්ත්රික්කයේ වැඩසටහන අද (15දා) හැටන් බස්නැවතුම්පොළේ පැවැති අවස්ථාවේදී එයට ගල් ප්රහාරයක් එල්ලවී තිබේ.
අඹගමුව ප්රාදේශීය සභාවේ සන්ධාන ප්රාදේශීය සභා මන්ත්රී හෙළප්රිය නන්දරාජ මහතා විසින් සංවිධානය කර තිබූ නුවරඑළිය දිස්ත්රික්කයේ අත්සන් ලබාගැනීමේ දෙවැනි අදියර අද උදෑසන ක්රියාත්මක කරමින් සිටින අවස්ථාවේ තමන් සිටි ස්ථානයට ගල් ප්රහාරයක් එල්ලවූ බව හෙළප්රිය නන්දරාජ මහතා පවසයි.
ගල් ප්රහාරය එල්ලවීමත් සමගම එම ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබේ. හෙළප්රිය නන්දරාජ මහතා චෝදනාකරන්නේ මෙම ගල් ප්රහාරය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් විසින් එල්ලකළ බවයි.
.jpg)