හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සහෝදරිය වන ගාන්ධිනී විචිත්රා රාජපක්ෂ රණවක මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලකදි ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව තිබේ. සහෝදර සහෝදරයින් 9 දෙනෙකුගෙන් යුත් රාජපක්ෂ පවුලේ බාල සහෝදරිය ඇය වෙයි.
නුගෝගොඩ ඇයගේ නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (09) උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.