හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා සහ හිටපු ජනධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඔවුන් සිය ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර නැති බවත් බුද්ධි අංශ විසින් තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය බව දැන්වුහොත් ආරක්ෂාව ලබාදීමට කටයුතු කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
හිටපු ජනාධිපතිවරයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.
මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂක නිලධාරීන් 154ක් ද හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරක්ෂක නිලධාරීන් 61ක් අනියුක්ත කර ඇති බවත් ඔහු පැවැසීය.