හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්රීවරයාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් අද (09දා) පැවති දකුණු පළාත් සභා රැස්වීමේදී සන්ධානයේ මන්ත්රීවරුන් හා එජාප මන්ත්රීවරුන් අතර උණසුම් වචන හුවමාරුවක් ඇති විය. මේ සමග විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ හා එජාප මන්ත්රීවරු සභා ගැබෙන් පිටව ගියහ.
මේ නිසා අද (09දා) පැවති දකුණු පළාත් සභා රැස්වීම විනාඩි 45කට පමණ සීමා විය. මෙහිදී සන්ධාන මන්ත්රී ආරියවංශ සම්මු මහතා දැඩි ආවේගයෙන් යුතුව කතා කිරීමත් සමග විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු එජාප මන්ත්රීවරු සභා ගැබෙන් පිටව ගියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම පිළිබඳ සන්ධානයේ මන්ත්රී චම්ලි විතානාච්චි මහතා දැඩි විරෝධය පළ කරමින් මුලින්ම කතා කළේය.
ජිනේෂ් නානායක්කාර