හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් 42ක් අඩු කළේ නිසි තක්සේරුවක් යටතේ බව නීතිය, සාමය හා සාගල රත්නායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම හිටපු ජනපතිවරයා විශ්‍රාම යන විට හමුදා සාමාජිකයන් 102ක් හා පොලිස් නිලධාරීන් 103ක් ඉල්ලා සිටි නමුත් ඔහුගේ ආරක්ෂාවට ඇමති ආරක්ෂක අංශයේ 203 දෙනෙකු හා පොලිස් විශේෂ කාර්ය බලකායේ 26 දෙනෙකු යොදවා තිබුණ බවත් සඳහන් කළේය.
හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාවට යොදවා ඇත්තේ ආරක්ෂක නිලධාරීන් 69 දෙනෙකු බවද අමාත්‍යවරයා පැවැසීය.