ඒකාබද්ධ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය උදෙසා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (02දා) පැවැත්වෙන පළමු ප්‍රධාන රැලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් අදහස් දක්වනු ඇතැයි වාර්තා වෙයි.
දේශපාලනික වශයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානමින් සිටින බවද වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය තුළදී හා ඉන් පිටතදී කටයුතු කරන ආකාරය සම්බන්ධව ඒකාබද්ධ පොදුජන පෙරමුණේ සියලුම අපේක්ෂකයන්ගෙන් ප්‍රතිඥාවක් ලබා ගැනීමටද සංවිධායකයන් මෙහිදී සැලසුම් කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සිටින සියලුම දේශපාලන නායකයන්ට මෙම අවස්ථාවට සහභාගි වන්නැයි ආරාධනා කර ඇත.